Advertise with Giraya
NEWS

රුසියානු ජාතිකයාට කොවිඩ් වැළඳී නොමැති බවට තහවුරු වෙයි

කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට හඳුනාගත් රුසියානු ජාතිකයාට අද (25) දිනයේ දී හම්බන්තොට රෝහලේ දි සිදු කරන ලද අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේ දී එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

හම්බන්තොට රෝහලේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර සඳහන් කළේ,එම රුසියානු ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ දෙකේදීම ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

කෙසේ නමුත් මෙම ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිටි මාතර හෝටලය කොවිඩ් මර්දන කාර්ය පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවත්, රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථාන තිබියදී ඔවුන් හෝටලයකට යොමු කිරීම පිළිබඳවත් විමර්ශනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Giraya News Alerts

මෙම රුසියානු ජාතිකයා ප‍්‍රමුඛ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු ඉකුත් 13 වනදා ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබූ අතර ඉන්දියාවේදී කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිත නොමැති බවට තහවුරු වී ඇත. කෙසේවෙතත්, මෙරටින් පිටවීමට පෙර එම පිරිස සිදුකළ PCR පරීක්ෂණවලදි මෙම රුසියානු ජාතිකයාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (24) දිනයේ දී තහවුරු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top