Advertise with Giraya
NEWS

අනතුරකින් තුවාල ලැබූ රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ රෝහලේ

නිවාස රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ අද (25) දින අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සීදූව පොලිසිය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේදී ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය ලිස්සා ගොස් ආරක්ෂක වැටේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහිදී තුවාල ලත් ඇමැතිවරයා රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.

ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය සීදුව පොලීසිය බාරයට ගෙන ඇති අතර සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top