Advertise with Giraya
NEWS

තමන්ට නිදහසේ වැඩ කරන්න දෙන්නේ නැතැයි රාජ්‍ය ඇමතිගෙන් අගමැතිට පැමිණිල්ලක්

කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් තමන්ට වැඩ කරගෙන යන්නට දෙන්නේ නැතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (24) පැමිණිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී විදේශ රැකියා නියෝජිතයින් සමග ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබී ඇති අතර එය ආරම්භ වූ මොහොතේ කම්කරු අමාත්‍යංශයෙන් එම රැස්වීම වාර්තා කිරීමට නිලධාරියෙකු එහි එවා තිබූ බවත්, ඔහු කවර උවමනාවක් සඳහා පැමිණියේදැයි සෙවීමේ දී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු තමන් එවන ලද බවත් රැස්වීම පටිගත කරගෙන එන ලෙස නියෝග ලද බවත් අදාළ නිලධාරියා පවසා ඇත.

ඒ අනුව, තවදුරටත් සොයා බැලීමේ දී අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත මෙම නිලධාරියා එවා ඇති බව පැහැදිලි වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා දුරකථනයෙන් අමතා දොස් කියා ඇතැයි එම කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Giraya News Alerts

ලේකම්වරයාට දොස් කී ජයරත්න අනතුරුව තමන්ට නිදහසේ අමාත්‍යංශයේ කටයුතු කරගෙන යන්නට කම්කරු අමාත්‍යංශයේ නිලධාරින් ඉඩ නොදෙන බවට අග්‍රාමාත්‍යවරයාට දුරකථනය ඔස්සේ පැමිණිලි කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා මෙම නිලධාරියා කාර්යංශය වෙත එවා ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් එය පටිගත කරගෙන එන ලෙස දන්වමින් බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top