ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ දි ගිනි ගැනීමට ලක් වූ MT Diamond නෞකාවෙන් ඉන්ධන සාගරයට කාන්දු වී ඇති බවත් එමඟින් සමුද්‍ර දූෂණයක් සිදු ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව මඟින් පෙන්වා දෙයි.
අදාළ කමිටු වාර්තාව ඊයේ (24) දිනයේ දී නීතිපතිවරයා වෙත භාර දුන් අතර ඒ අනුව අදාළ නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දැරූ පිරිවැය හානි පූරණය කර ගැනීම සඳහා මෙතෙක් අය කිරීමට තීරණය කර ඇති මුළු මුදල රු. මිලියන 440කි. මීට පෙර අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් වන්දි ලෙස ඉල්ලූ රු. මිලියන 340ක මුදල ශ්‍රී ලංකාව වෙත ලබා දීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟ වී ඇති බව නීතිපතිවරයා වෙත දන්වා ඇතැයි ද රජයේ අධිනීතිඥ නීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළා.
ඒ අනුව, හානි පූරණය සඳහා තවත් රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙස නීතිපතිවරයා නෞකා අයත් සමාගමට දැනුම් දී ඇත්තේ.
