Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 9යි, සමස්තය 3333 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3333ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (24) දිනයේ දී ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකු කටාර් සිට ද, තිදෙනෙකු කුවේට් සිට ද,එක් අයෙක් මාලදිවයිනේ සිට ද, එක් අයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් දෙදෙනෙකු ඉරානයේ සිට පැමිණි ඉරාන ජාතිකයින් වේ.

එමෙන්ම, ඊයේ (24) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3142 දෙනෙකු ම සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 178කි. තවත් පුද්ගලයින් 45 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top