Advertise with Giraya
NEWS

ඕවිටියාගල ගමටත් ජලභීතිකා නරි භීතිය !

හොරණ , මුවපට්ටිය ගම්මානයට කි.මී. 17ක් ඈතින් පිහිටා ඇති ඕවිටියාගල ගම්මානයටත් ජලභීතිකාව වැළඳුන නරි පැමිණීම හේතුවෙන් ගම්වැසියන් පීඩාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

දිනක් හිවලකු එම ගම්මානයේ නිවසකට කඩා වැඳී නිවෙස් හිමියා සපා කෑමට තැත්කර ඇති අතර ඔහු සිදුකළ පහරදීමෙන් එම හිවලා මිය ගොස් ඇති බව ද වාර්තා වේ. පසුව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මියගිය හිවලාගේ හිස පරීක්ෂණයක් සඳහා රැගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ මියගිය සත්ත්වයාට ජලභීතිකාව වැළදී තිබූ බවයි.

මේ හේතුවෙන්, හොරණ වැල්ලපිටිය පොදු ක්‍රීඩාංගණයේදී ජලභීතිකා රෝගය මැඩලීමට එන්නත් කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

මිල්ලනිය මුවපට්ටිය ගම්මානයේ ජනතාව ද මේ ආකාරයෙන් ජලභීතිකාව වැළඳුන නරින් නිසා පීඩාවට පත්ව සිටියි. මේ වන විට එම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශවලින් ජලභීතිකාව වැළඳුණ නරි පස්දෙනෙක්, සුනඛයින් සිව්දෙනෙක්, ගවයින් සිව්දෙනෙක් හා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් පසුගියදා සඳහන් කළේ ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top