Advertise with Giraya
NEWS

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (24) දිනය වන විට පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් 12 අතරින්, හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය,මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් පෙත්සම් 6 ක් අද (24) දිනයේ ගොනු කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ (23) දිනය වන විට නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගිජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන පාර්ශව හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබිණි.

Giraya News Alerts

එම පෙත්සම් මඟින් සඳහන් කරන්නේ, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි.

එබැවින්, යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top