ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටිආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද (24) දින නියෝග කර තිබෙනවා. ඔහුව මුදා හරින ලෙස හලාවත දිසාවිනිසුරු අනුර ඉන්ද්‍රිජිත් බුද්ධදාස අද (24) පස්වරුවේ නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මතයි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා සැප්තැම්බර් 21 දින පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබීම හේතුවෙන් ජගත් සමන්ත අධිකරණය වෙත භාර වීමෙන් පසු සැප්තැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.
