Advertise with Giraya
NEWS

මාතර කොරෝනා ආසාදිත රුසියානුවා නිසා පුද්ගලයින් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයෙකු වාර්තා වීමෙන් සමග ඔහු නවාතැන් ගෙන සිටි මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු 100කට අධික පිරිසකගේ PCR පරික්ෂණයන් අද (24) දිනයේදී සිදුකිරිමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුයේ පසුගිය 13 වෙනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණි රුසියානු ගුවන් යානාවක ගුවන් සේවා කාර්ය මණ්ඩලයක සිටි සාමාජිකයෙකු වේ.

මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලය අද (24) දිනයේ දී යලි චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබු අතර ඊට පෙර ඔවුන් විසින් PCR පරීක්ෂණයට පෙනී සිට ඇත. එහිදී ඔවුන්ගේ එක් නිලධාරියෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Giraya News Alerts

මෙම රුසියානු ජාතිකයා සමග සිටි තවත් රුසියානු ජාතිකයින් සිව්දෙනෙක් හෝටලය අසල පිහිටි ත්‍රිරෝද රථයකින් පසුගිය ඉරිදා දිනයේදී මාතර නගරයේ පිහිටි සුපිරි වෙළදසැල් දෙකකට ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

මේ අනුව, සංචාරක හෝටලයේ සේවකයින් හා නිවාඩු සඳහා නිවාස වෙත ගොස් පැමිණි අයවලුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් මේ වන විටත් නිරෝදායන ක්‍රියාවලියට යොමු කොට ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top