ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3324ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (23) දිනයේ දී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.
ඔවුන්ගෙන් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, දෙදෙනෙකු ඇමරිකාවේ සිට ද, ඉතියෝපියාවේ සිට පැමිණි එක් අයෙකු ද වේ. අනෙක් පුද්ගලයා රුසියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්මෙින් සිටි රුසියන් ජාතික ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයෙකි.
එමෙන්ම, ඊයේ (23) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3129 දෙනෙකු ම සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 182කි. තවත් පුද්ගලයින් 52 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
