Advertise with Giraya
NEWS

බණ්ඩාරවෙල නගරයේ පස්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරවෙල පස් මහල් ගොඩනැගිල්ලක පිහිටි හෝටලයක අද (23) දහවල් ගින්නක් හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ එම මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවීමක් බව අනාවරණය වී තිබෙනවා.

ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top