Advertise with Giraya
NEWS

කෝපා කමිටුවේ සභාපති ධූරය මහාචාර්ය තිස්ස විතාරණට

රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරයට මහාචාර්ය තිස්ස විතාරණ තෝරා පත් කර ගෙන තිබෙනවා. ලසන්ත අලගියවන්න විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල විසින් ස්ථීර කර ඇත.

කෝපා සාමාජිකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

  • උදය ගම්මන්පිල
  • දුමින්ද දිසානායක
  • දයාසිරි ජයසේකර
  • ලසන්ත අලගිවන්න
  • වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  • ශෙහාන් සේමසිංහ
  • ප්‍රසන්න රණවීර
  • තිස්ස අත්තනායක
  • හරීන් ප්‍රනාන්දු
  • නිරෝෂන් පෙරේරා
  • ෆයිසාල් කාසිම්
  • අශෝක් අබේසිංහ
  • බුද්ධික පතිරණ
  • කේ.කාදර් මස්තාන්
  • සිවඥනම් ශ්‍රීතරන්
  • වෛද්‍ය උපුල් ගලප්පත්ති
  • බී.වයි.ජී. රත්නසේකර
  • වීරසුමන වීරසිංහ
  • මහාචාර්ය රංජිත් බණ්ඩාර
  • මොහාමඩ් මුස්ම්මිල්
  • ආචාර්ය හරිනි අමරසූරිය

මේ අතර, කෝපා කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට තීරණය කර ඇති අතර ප්‍රථම වරට කමිටුවේ කටයුතු සජීවී ව ලබාදීමට ද තීරණය කර තිබේ. එමෙන්ම, කමිටුව හමුවට රාජ්‍ය නිලධාරින් කැඳවීමට නොහැකි අවස්ථාවක් වුවහොත් පමණක් ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ඔවුන්ව සම්බන්ධ කරගෙන ප්‍රශ්න කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top