ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (22) පස්වරු 7.00 වන විට 3312ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (22) දිනය තුළ දී නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එම නව ආසාදිතයින් 13 දෙනා අතරින් එක් අයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියෙක් වේ. එම වාර්තා වූ ආසාදිතයා සමඟ කන්දකාඩු පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 651 දක්වා ඉහළ යනු ඇත. අවසන් වරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙකු වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් 08 වැනි දිනයේ දීය.
ඒ අනුව, කන්දකාඩු පොකුරේ වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන මෙසේ ය.
- පුනරුත්ථාපනය වන රැඳවියන් – 530
- කාර්ය මණ්ඩලය – 67
- ආරාධිත කාර්ය මණ්ඩලය – 05
- කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
- වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01
එමෙන්ම, වාර්තා වූ අනෙක් ආසාදිතයින් 12 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, දෙදෙනෙකු සෞදි අරාබියේ සිට ද, හත් දෙනෙකු කුවේට් සිට ද, එක් අයෙක් ඉන්දියානු ජාතිකයෙක් ද වේ.
එමෙන්ම, අද (22) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3118 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 181ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එමෙන්ම, තවත් පුද්ගලයින් 65 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
