දේශිය වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදු වන බලපෑමට පිළියමක් ලෙස රු. 60ක සහන මිලට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් පොල් බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන්, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් විශේෂ සාකච්ඡාවක් අද (22) දින පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සමඟ ද සිදු කෙරිණි.
ඒ අනුව ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස පාරිභෝගිකයන් සඳහා සහන මිලට පොල් බෙදා හැරීම හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය (කප්රුක) මගින් රු. 60 ක සහන මිලට රට පුරා පොල් බෙදා හැරීමට තීරණය කෙරුණි.
එමෙන්ම, මාධ්‍ය හමුවක් පවත්වමින් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළේ, වෙළඳපොලේ පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රු.70ක් බවට තීරණය කර ඇති බවයි. ඊට වඩා ඉහළ මිලකට අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
