ආනවිළුන්දාව රැම්සා තෙත් භූමි රක්ෂිතය අනවසරයෙන් එළි පෙහෙළි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත සැප්තැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද(22) නියම කරන ලදී.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබූ ජගත් සමන්ත අධිකරණය වෙත භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මොහු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරා ද වෙයි.
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කිරීම පිළිබඳව අගෝස්තු මස 25 වන දින තොරතුරු වාර්තා වූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කළේය. එම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබුණි.
