පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් පත් කිරීමට අද(22) එම කමිටුව විසින් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ එක් මුදල් කාරක සභාවක් වන්නේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවයි.
මෙවර කෝප් කමිටුව නියෝජනය කරනු ලබන සෙසු සාමාජිකයින් වන්නේ,
- මහින්ද අමරවීර
- මහින්දානන්ද අලුත්ගමගේ
- රෝහිත අබේගුණවර්ධන
- සුසිල් ප්‍රේම්ජයන්ත්
- දිලුම් අමුණුගම
- ඉන්දික අනුරුද්ධ
- ආචාර්ය සරත් විරසේකර
- ඩී.වී. චානක
- ආචාර්ය නාලක ගොඩහේවා
- අජිත් නිවාඩ් කබ්රාල්
- රවුෆ් හකීම්
- අනුර දිසානායක
- පාඨලී චම්පික
- ජගත් පුෂ්පකුමාර
- ඉරාන් වික්‍රමරත්න
- රන්ජන් රාමනායක
- නලින් බණ්ඩාර
- එස්.එම්. මරික්කාර්
- ප්‍රේම්නාත් සී. දොලවත්ත
- සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් යන පිරිසයි.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදු කෙරේ. එම කමිටුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් පොදුවේ නියෝජනය කරනු ලබන අතර පසුගිය ආණ්ඩු සමයේ මෙහි සභාපතිත්වය දරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ය. එමගින් පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය කෙරිණි.
