Advertise with Giraya
NEWS

20 නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පාර්ලිමේන්තුව ආරම්භයේ දි ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විරෝධතවයක් පළ කළහ.

එමෙන්ම, කළු පටි පැළඳ පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා කරමින් සිටිති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ අද(22) පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දවසක් බවයි.

Giraya News Alerts

මේ වන විටත්, විපක්ෂ මන්ත්‍රීවරු 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා කරමින් සිටී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ආසනවලින් නැගිට ඔවුන්ට එරෙහිව හඬ නගන අතර පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top