හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන අද (22) පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසය වෙත පැමිණියේ ය. ඒ, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර කොමිසම හමුවේ සාක්ෂි ලබා දිම බැලීම සඳහා ය.
පසුගියදා (18) එම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු පැවසුවේ, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පාස්කු ප්රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්රහාරය පිළිබඳ සෙවීමට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට දැනුම් දී ඇති බවයි.
සම්බන්ධිත පුවත්
- වගකීම භාර අරගෙන ඉවත් වුවහොත් පූජිත්ට මෛත්රී දෙනවා කියූ දේ ගැන හේමසිරි කොමිසමේ දි හෙළි කරයි
- ජනාධිපති කොමිසමේ දී හේමසිරි ප්රනාන්දු හෙළි කළ කරුණු හිටපු ජනපති තරයේ ප්රතික්ෂේප කරයි
