Advertise with Giraya
NEWS

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු පාර්ශ්වයකට ලබා නොදීමට රජය තීරණය කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසා තිබෙන්නේ නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Giraya News Alerts

ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙම අදහස් පළ කළේ ‘නෙත් නිවුස්’ හි වැඩසටහනකට එක් වෙමින් ය.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවට ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top