ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (20) දින පස්වරු 3.00 වන විට 3284ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, අද (20) දිනයේ මෙතෙක් එක් ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර එම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි. තවද, ඊයේ (19) දිනයේ දී නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විය. ඔවුන්ගෙන් එක් අයෙක් ඇමරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි. අනෙක් පුද්ගලයා රතු මුහුද ප්‍රදේශයේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකි.
එසේම, අද (20) දිනය තුළ දී තවත් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3088 දෙනෙකු සුවය ලබා ඇත.
සැප්තැම්බර් මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

ඒ අනුව, අද (20) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3283 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 54
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1316
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 650
- වෙනත් – 313
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3283ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 94%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (20) දිනයේ දී එය 5.5%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 268,371ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (19) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2314ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (20) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 182 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 63ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 57ක් ද,
- ඉරණවිල රෝහලේ 41ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 02ක් ද,
- හම්බන්තොට රෝහලේ 19ක් ද, වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 33ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13 කි. අවසන් වරට කොරෝනා මරණයක් වාර්තා වූයේ, දින 21ට පසු සැප්තැම්බර් 14 වන දිනයේ දී ය.
