හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් පසුගිය දා (18) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ කළ ආන්දෝලනාත්මක අනාවරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරයේ ප්‍රතික්ෂේප කරයි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ එම කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන බවත් මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.
එමෙන්ම, යම් හෙයකින් ඉදිරි දිනකදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.
ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනයටත් පසුගියදා (18) සාක්ෂි ලබා දෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසා තිබුනේ, පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දැනුම් දී ඇති බවයි.
එම නිවේදනය පහතින් දැක්වේ.

වැඩිදුර කියවන්න
