මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන්කරයි.
ඊට හේතුව ලෙස වාහන ආනයනකරුවන් සහ අළෙවිකරුවන් පවසන්නේ වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයකට සිදු නොවනු ඇතැයි බියෙන් ජනතාව මෙලෙස හදිසියේ වාහන මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව, ඉකුත් සමයේ මෙරටට ගෙන්වූ වාහන සංචිතයෙන් දැන් ඉතිරිව ඇත්තේ සියයට 10 කටත් වඩා අඩු වාහන ප්‍රමාණයක් බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා..
කෙසේවෙතත්, එලෙස හදිසියේ හෝ වැඩි මිලට හෝ වාහන මිලදී ගැනීමට තරම් කිසිදු තත්ත්වයක් මේ වනවිට උදාවී නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි සදහන් කරයි.
එමෙන්ම, වාහන වෙළඳපොලේ පවතින්නේ භාවිත කළ රථ වාහන පමණක් බව ද මෙහිදී අනාවරණය විය.
කැබිනට් මණ්ඩලය ඉකුත්දා තීරණය කළේ දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අතශ්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ මෙන්ම මෝටර් වාහන ආනයනය ද තාවකාලිකව අත්හිටුවීමටයි.
