Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජනපති ඊයේ දුන් උපදෙස් අනුව මදුරන්කුලිය විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදිකිරීම් අරඹයි

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ ඊයේ (19) දිනයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින අයුරු පිළිබඳව නිරීක්ෂණය සඳහා චාරිකාවක නිරත විය. එම අවස්ථාවේ දී, ජනාධිපතිවරයා මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගොස් සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළ අතර විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දැනුම් දී කඩිනමින් එය ඉදිකර දීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

එම උපදෙස් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (20) දිනයේ දී මදුරන්කුලිය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top