Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බසී, සිරවී සිටි බිළිඳා ජීවිතක්ෂයට

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ මහල් පහකින් යුතු ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ අසළ නිවසේ සිට සහන කණ්ඩායම් විසින් බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියි.

අද (20) අලුයම සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් නිවසක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ගිලා බසින ලද ගොඩනැගිල්ලේ සුන්බුන් වලට සිරවූ අතර මෙම කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබුණා.

මේ වන විටත්, එම නිවසේ සිරවී සිටිනේ අනෙක් පුද්ගලයින් දෙදෙනා ගේ දිවි බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ ඒකකය ඇතුළු සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරනවා

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top