ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (18) දින පෙරවරු 10.00 වන විට 3281ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, අද (19) දිනයේ මෙතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැති අතර ඊයේ (18) දිනයේ දී නව ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා විය. ඔවුන්ගෙන් එක් අයෙක් හොංකොං සිට ද, එක් අයෙක් ලයිබීරියාවේ සිට ද, එක් අයෙක් බහරේන් සිට ද, එක් අයෙක් ඕමානයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් වේ.
එසේම, අද (19) දිනය තුළ දී තවත් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3070 දෙනෙකු සුවය ලබා ඇත.
සැප්තැම්බර් මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

ඒ අනුව, අද (19) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3281 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 54
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1314
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 650
- වෙනත් – 313
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3281ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 93.5%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (19) දිනයේ දී එය 6%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 266,057ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (18) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1714ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (19) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 198 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 71ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 66ක් ද,
- ඉරණවිල රෝහලේ 41ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 02ක් ද,
- හම්බන්තොට රෝහලේ 18ක් ද, වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 31ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13 කි. අවසන් වරට කොරෝනා මරණයක් වාර්තා වූයේ, දින 21ට පසු සැප්තැම්බර් 14 වන දිනයේ දී ය.
