Advertise with Giraya
Gossip

මහජන බැංකුවේ ප්ලාස්ටික් කැට , මැටි කැට වූ හැටි ගැන අමාත්‍ය ප්‍රසන්න රණවීරගෙන් සටහනක්

මහජන බැංකුවේ ළමයින්ට ලබා දිම සඳහා ප්ලාස්ටික් කැට ලබා ගැනීමට පළ කර තිබූ ටෙන්ඩර් දැන්වීමක් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ මැදිහත්වීමෙන් මැටි කැට ලෙස වෙනස් වූ අයුරු පිළිබඳව අමාත්‍යවරයා මුහුණු පොතේ පළ කර තිබූ සටහනක් මෙසේ ය.

“මම රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන යාන්තමින් දින දෙකක් ගෙවුණු තැන පුවත්පතක දැන්වීමක් දුටුවෙමි. මහජන බැංකුවේ වගකීමෙන් නිකුත් කර තිබූ එම ටෙන්ඩර් දැන්වීමෙන් ඉල්ලා සිටියේ දරුවන්ට ලබා දීමට ‘ප්ලාස්ටික් කැට ලක්ෂයක් (100,000) සපයන ලෙසයි.

එම දැන්වීම දුටු සැනින් මම මහජන බැංකුවේ සභාපතිතුමාට කතා කළෙමි. ප්ලාස්ටික් කැට වෙනුවට මැටි කැට ලබාගැනීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලීමක් කළෙමි. එතුමා දරුවන් වෙනුවෙන් මාගේ ඉල්ලීම ඉටුකර තිබීම සතුටට කරුණකි. මහජන බැංකුව ප්ලාස්ටික් කැට වෙනුවට මැටි කැට ලබාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත.

රටේ සිදුවන මෙම චින්තන වෙනසට මුල පිරීමට ලැබීම ගැන මම නිහතමානිව සතුටු වෙමි.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top