Advertise with Giraya
NEWS

සහල් මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ – බන්දුල ගුණවර්ධන

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙහි අරමුණ වන්නේ, රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම බව ද ඇමතිවරයා සඳහන් කරයි.

වී තොග රැස්කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සහල් තොග වෙළඳපලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා පැවසුවේ ය.

Giraya News Alerts

නමුත් කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කී ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ දෙන්නේ නැතැයි ද පැවසුවේ ය.

ඇමතිවරයා මේ බව පැවසුවේ, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top