Advertise with Giraya
NEWS

“මං තීරු නීතිය හොඳයි” – සරත් ෆොන්සේකා

රජය විසින් මේ දිනවල පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක කළ මංතීරු නීති ඉතා හොද බව බව සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරනවා.

ඔහු මේ බව පැවුසවේ මාධ්‍යට අදහස් දක්වමින්.

”මං තීරු නීතිය ඉතා හොදයි.මගේ වාහනේ රියදුරාත් අලුත්කෙනෙක් ඔහුට මම මේ දවස් වල කරන්නේ මං තීරු නීතිය උගන්වන එක.

අනිවාර්යයෙන් මේ රටේ ජනතාවගේ මෙන්ම වාහන වල ආරක්ෂාවට එය පිළිපැදිය යුතු කරුණක්.ඒවා නැති නිසා තමයි හුගාක් රථවාහන අනතුරු වෙන්නේ. අපි දකිනවා පාර පනින්න යද්දි අහිංසක ජනතාව පවා ජීවිතක්ෂයට පත්වෙනවා.ඒ නීති රිති තද කරන එකට අපි ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙනවා.නීතිය තියන රටක් තමයි අපිටත් ඕන,

නමුත් මංතීරු පෙන්නලා රටේ සිදුවන වන විනාශය ගැනත් රජය අවධානය යොමු කිරීම වැදගත්” යනුවෙන් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top