Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ආනවිළුන්දාව ඩෝසර් කළ සැකකරුවන් දෙදෙනාට ඇප හිමි වෙයි

ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් අනවසරයෙන් ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගල ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, ආනවිළුන්දාව අභය භූමිය තුළ ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තු වේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පසුගිය 27 වෙනිදා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Giraya News Alerts

මෙලෙස, දිසාවිනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ, මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ උඩප්පුව, පිංකට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සියලු සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසාවිනිසුරුවරයා ආරච්චිකට්ටුව පොලීසියට නියෝග කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top