රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සහ අනාගත පාරම්පරාවට ආරක්ෂාව සහතික කර සුරක්ෂිත රටක් ඇති කිරීමට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන සියලුදෙනා තම රාජකාරිය සතුටින් කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින්, “පොඩි මිනිහා සිතුටින් සිටියේ නැතිනම් ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. මීට සති හතරකට පහකට ඉස්සෙල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් මම ඇති කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව” යැයි පැවසුවේ ය.
එමෙන්ම, “රාජ්‍ය සේවයේ අවුරදු 15ක් පමණ සේවය කරලා ඉන්න ගෙයක් නැහැ, කුලියට ඉන්නේ දරුපවුල එක්ක, ගිහින් ඉඩම් කෑලක් ගන්නවා කොහෙන් හරි තියෙන බැංකු ණය සියල්ලක්ම අරගෙන, මාස හත අටකට පස්සේ එනවා ගත්තු ඉඩම් කෑල්ල බලන්නට, අවිත් බලනකොට වෙන කෙනක් ඒකේ පදිංචිවෙලා. කාට නියන්නද ? ඕක තමයි අද තියෙන තත්ත්වය,“ බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
