Advertise with Giraya
NEWS

කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීමක් !

මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සහකාර අධ්‍යක්ෂවරයා (සෝදිසි මෙහෙයුම්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, සියලුම ධීවර යාත්‍රා අද (18) දින සිට මධ්‍යම, ඊසාන දිග හා නැගෙනහිර බොංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 6 -16 සහ නැගෙනහිර දේශාංශ 83 – 96 කලාපවලින් කඩිනමින් ඉවත් විය යුතුය. එම ප්‍රදේශවල ඉතා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන්නැයි ද උපදෙස් දී තිබෙනවා.

Giraya News Alerts

එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 – 70ත් අතර ඉහළ යා හැකි බැවින් ධීවරයින්ට මේ පිළිබඳ සැලකිලිමත් වන්නැයි දැනුම් දෙයි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවත් උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේ සහ අම්පාර දිස්ති‍්‍රක්කයේ පස්වරු 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, තී‍්‍රකුණාමලය සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 ක 60 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top