පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක වූ මං තීරු නීතිය ලබන සඳුදා සිට (21) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව එදින (21) දිනයේ සිට මෝටර් වාහන පනත අනුව නඩුවක් ලබාගැනීම වෙනුවට රුපියල් 2000ක දඩයක් අය කරන බව ද පොලීසිය සඳහන් කළා.
මේ අතර, බස් රථ ධාවනය කළ වම් පස මං තීරුවේ ත්‍රීරෝ ද රථ හා යතුරු පැදි පසුගිය 16 වන දා සිට ගමන් කළ යුතු බව පොලීසිය පැවසුවා.ඒ අනුව, පසුගිය දෙදින එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර ඊයේ (17) දිනයේ දී බස්, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් පැවැති බව පොලිසිය නිරීක්ෂණය කර තිබෙනවා.
එසේම, මංතීරු නීතිය ක්‍රියාත්මක අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දින 04 තුළ ක්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයක් පදනම් කර ගනිමින්ය.
ඒ අනුව, අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම් යතුරු පැදි සහ ත්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
