Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදේශ ගමන් බලපත්‍ර රජයේ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කිරීමට රජයේ අවධානය

විදේශ සමාගමකට දී ඇති විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන මුද්‍රණය රජයේ මුද්‍රණාලයට ලබ ගැනීමට අදාළ යෝජනාවක් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (16) දිනයේ දී ඉදිරිපත් කර තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය විදේශ සමාගමකට දී ඇති අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව තවත් වසර දෙක හමාරක පමණ කාලයක් එම විදේශ සමාගම විසින් බලපත්‍ර මුද්‍රණය කෙරෙන ඇති බව ද පැවසේ. විදේශ ගමන් බලපත්‍ර දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් එම විදේශීය සමාගම මගින් මුද්‍රණය කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 100 ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, රජයේ මුද්‍රණාලය මඟින් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළ හැකි බවත් එම පහසුකම් සැපයීමට රුපියල් කෝටි 70 ක පමණ මුදලක් වැය වනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයට පෙන්වා දී ඇත. පිටු 64 කින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් රුපියල් 350 ත් 450 ත් අතර මිලකට රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

Giraya News Alerts

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව, විදේශීය මුද්‍රණ ආයතන වෙතින් මුද්‍රණය කිරීම හේතුවෙන් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණායලය වෙතින් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තුමේන්තුව වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top