පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන්ට නවක වදය ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙකන් ලද පැමිණිලි හේතුවෙන් දෙවැනි වසර සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කිරීමට පාලනාධිකාරිය ඊයේ (16) තීරණය කර තිබෙනවා.
ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන් නවක වදය ලබාදෙන බවට පළමු වසර සිසුන්ගේ දෙමව්පියන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් පීඨ උපදේශක සභාවේ නිර්දේශය මත මෙම තීරණය ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක සඳහන් කරයි.
ඒ අනුව, ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු පමණක් අත්හිටුවන බවත් එම පීඨයේ අනෙකුත් වසරවල මෙන්ම සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බවත් ඔහු පැවසුවේය.
