කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ, ලුනාව ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මොහු හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අයෙක් බව ද වාර්තා වේ. සිරමැදිරිය තුළ ලේස් පටියකින් ගෙල වැලලාගෙන එම සැකකරු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
