විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කිරීමේ වගකීම තමා භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ‘අරුණ’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා ලෙස තමන් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට දේශන පවත්වනවා වෙනුවට ජනතාව අතරට ගොස් ජනතාවට වුවමනා දේ විමසා ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දුන් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. එහිදී, රට අකර්මණ්‍ය කරන රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම අහිමි කළ, ඒ නිසාම පාස්කු ප්‍රහාරය බදු ඛේදවාචකයකට මගපෑදූ, එසේම මැතිවරණ කල්දැමෙන, රට අරාජික කළ දහනව වෙනි ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස එම අවස්ථාවේ දී ජනතාව ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එමෙන්ම, ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ, තමන්ට ලක්ෂ 69ක් ජනතාව ඡන්දය දී එසේම තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ රට අරාජික කළ මෙම දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට බවත් ඒ සඳහා තමන් විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත් ය.
‘විස්ස කියන්නේ අමුතු දෙයක් නොවෙයි. දහඅටට. දහ අටත් තුනෙන් දෙකෙන් සම්මත කරලා ඒක යටතේ වැඩ කළ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ අය දන්නවා 18 යටතේ රට අරාජික වුණාද නැද්ද කියලා. ඒක යටතේ ඡන්ද පැවැත්වුවාද ප්‍රජාතන්ත්‍රවාදය රැකුණාද නැද්ද කියලත් ඒ අය දන්නවා. මට ඕනෑ ජනතාව තුනෙන් දෙකක ජනවරමක් දීලා බලාපොරොත්තු වෙන පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනෙන තුරු රට ඉදිරියට ගෙනියන්න. කොවිඩ් 19 නිසා ලෝකෙම වැටිලා. ඒත් අපි ඒක සාර්ථකව ජය අරගෙන ඉවරයි. ජනතාව දන්නවා අපි වේගෙන් වැඩකරන බව. පූර්ණ ව්‍යවස්ථාවක් හදනතුරු බලා ඉන්න බෑ. අවශ්‍ය සංශෝධන ගේන්න ඉඩ තියලා මම මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. 19 වගේ එන්.ජී.ඕ. හෝ විදේශ බලපෑම්වලට යටවෙලා නොවෙයි මං ගෙනාවේ.
20 හැදුවේ මමයි. ඒ නිසා ඒක හැදුවේ කවුද කිය කියා කාලේ නාස්ති කරන්න එපා’
යැයි ජනාධිපතිවරයා සඳහන් කරයි.
