Advertise with Giraya
NEWS

ඊයේ දිනයේ දී මෙරටින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3271ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (16) දිනය තුළ දී ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැත.

එමෙන්ම, ඊයේ (16) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3021 දෙනෙකු ම සුවය ලබා ඇත.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 237කි. තවත් පුද්ගලයින් 43 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

එමෙන්ම, ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා. ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධාන කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top