Advertise with Giraya
NEWS

මං තීරු නීතිය සඳුදා සිට ක්‍රියාත්මකයි – නීතිය කැඩුවොත් දඩය 2000යි

දින කිහිපයක් පෙරහුරුවක් වශයෙන් ක්‍රියාත්මක කළ මංතීරු නීතිය ලබන සඳුදා (21) දිනයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

ලබන සඳුදා සිට එම නීතිය අකුරට ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කෙරිණ. ඒ අනුව, මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව එදින (21) දිනයේ සිට මෝටර් වාහන පනත අනුව නඩුවක් ලබාගැනීම වෙනුවට රුපියල් 2000ක දඩයක් අය කරන බව ද පොලීසිය පවසනවා.

දැනට පවතින අඩුපාඩුද මඟහරවා ගනිමින් මෙම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරන බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කෙරිණ.

Giraya News Alerts

එමෙන්ම, බස් රථ ධාවනය කරන මං තීරුවේ ත්‍රී රෝද රථ හා යතුරු පැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විරෝධතා එල්ල කරනවා. ඔවුන් ඊයේ (15) දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, බස් රථ ධාවනය කරන මං තීරුවේ වෙනත් වාහනවලට ගමන් කිරීමට කටයුතු කළහොත් මං තීරු නීතිය සඳහා සහයෝගය ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත්, බස් රථ සංගම් සටන් කරන්නේ එක් කොටසක් වෙනුවෙන් වුවත් පොලීසිය සමස්ත ප්‍රජාවම ගැන යහපත ඉටු කරන බව මේ සම්බන්ධයෙන් පොලිිිිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සඳහන් කළා.

එමෙන්ම, කොළඹ තදබදය අඩු කිරීමට පාක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය හඳුන්වා දෙන බවද එහිදී අනාවරණය විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top