Advertise with Giraya
NEWS

වාර්ෂිකව ආනයනයට මිලයන 65ක් වැය කළ තවත් ඖෂධයක් මෙරටදී නිපදවයි

‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.

මෙම ඖෂධය සඳහා පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් මෙම ඖෂධය ආනයනය සඳහාා වැය කරයි. ඒ අනුව, ඉදිරියේ දී මෙම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් අවශ්‍යතාවය සපුරාලීමට නියමිතයිි.

ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීම රත්මලානරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී සිදු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top