ආසාත්මිකතාවයක් හේතුවෙන් පන්නිපිටියේ පාසලක 8 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් අද (16) හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම සිසු සිසුවියන් විදුහල් භූමියේ තිබෙන පාම් ගස්වල ගෙඩි වලින් විනෝදයට සෙල්ලම් කරමින් සිටිය දී තිදෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී තිබෙනවා. පසුව සිසුන් පිරිස හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.
