Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා යයි

ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම, දෛනිකව ලොව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මේ වන විට වාර්තා වන්නේ ද ඉන්දියාවෙන්. ඊයේ (15) දිනයේ දී ද ඉන්දියාවෙන් ආසාදිතයින් 91,120 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, දැනට කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 82,091ක් ජිවිත්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම, ඊයේ (15) දිනයේ දී ද ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඒ, කොරෝනා මරණ ගණන 1283කි.

මේ වනවිට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි අනූහත් ලක්ෂ 13, 891 ක් වන අතර ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන නව ලක්ෂ 38, 362 ක් ද වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top