ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3271ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (15) දිනය තුළ දී නව ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇත.
හඳුනාගත් ආසාදිතයින් 09 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් එක් අයෙක් කටාර් සිට ද, එක් අයෙක් කුවේට් සිට ද, සිව් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා ඉන්දියානු ජාතික නාවිකයෙකි.
එමෙන්ම, ඊයේ (15) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3016 දෙනෙකු ම සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 242කි. තවත් පුද්ගලයින් 70 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
