Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රණජයපුර සිසුන්ගේ ගිනි තැබූ ක්‍රිකට් අතුරණය වෙනුවට ක්‍රීඩා ඇමතිගෙන් නව තණ තීරු අතුරණයක්

ගිනිගෙන විනාශයට පත් කැකිරාව රණජයපුර විදුහලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන තණ තීරු අතුරණය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඔවුනට නව තණතීරු අතුරණයක් ඇතුළු ක්‍රීඩා උපකරණ තොගයක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (15) පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලද මෙම උපකරණ තොගයට ක්‍රීඩා උපකරණ කට්ටල ඇතුළත් බෑග් 02 ක්ද ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම, එම උපකරණ කැකිරාව ප්‍රදේශය බලා රැගෙන යාමට පාසැලේ සිසුන් ඇතුළු නියෝජිතයින් හට ප්‍රවාහන පහසුකම් ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී එම දරුවන් හට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

Giraya News Alerts

අදාළ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී ඇත.

කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණ තීරු අතුරණය (මැටින්) කිසියම් පිරිසක් විසින් ඉකුත් 13 වෙනිදා සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබිණි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇති වී තිබූ අතර ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමු වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top