Advertise with Giraya
NEWS

20 වන සංශෝධන අධ්‍යයන කමිටු වාර්තාව ජනපති අතට

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට අගමැති පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබෙනවා.

එම අවස්ථාවේ දී, විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කර සිටියා. එම වාර්තාව හෙට (16) දිනයේ දී අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළත් සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top