ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරීමෙහි යෙදුණු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (15) කෝපායි පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා.
යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදි අදාළ ගුණසමරුව පවත්වා ඇති අතර එහිදී දිලීපන් නැමත්තාගේ රුව ඇතුළත් පුවරුවක් අභියස පහන් දැල්වීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් මහජන සාමය කඩවනු ඇති බවට වූ සැකයක් මත ඔහුව භාරයට ගෙන ඇති අතර මෙතෙක් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව සඳහන් කළා.
පොලිස් බාරයට ගෙන ඇති එම්.එකේ.සිවාජිලිංගම් අවවාද කර මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග පවසා සිටියා.
හිටපු ත්‍රස්තවාදී නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් 1987 සැප්තැම්බර් 15 වැනිදා කොටි නායක ප්‍රභාකරන්ගේ උපදෙස් මත යාපනයේ දී සිදුකළ මාරාන්තික උපවාසයක දී ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් දින 11කට පසු සැප්තැම්බර් 26 වැනිදා මිය ගොස් තිබෙනවා.
