සැප්තැම්බර් 16 දින සිට සියලු බස් රථ, සියලු ත්‍රිරෝද රථ සහ සියලු යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කළ යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
මංතීරු නීතිය ඊයේ (14) සිට යළි ක්‍රියාත්මක කළ අතර, බස් රථ සඳහා ප්‍රමුඛතා මං තීරුවක් ලෙස මාර්ගයේ වම් කෙළවර මංතීරුව යොදා ධාවනය කරවීම සිදු කෙරුණා. කෙසේ වෙතත් එහිදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි මං තීරු හරහා ධාවනය කරමින් ඉදිරියට පැමිණීමේ දී අනෙකුත් වාහන විශාල ලෙස අපහසුතාවයන්ට පත් වීම නිරීක්ෂණය වී තිබෙනවා.
නව තීරණය අනුව වම් පස කෙළවරේම මං තීරුව ත්‍රීරෝද රථ, බස්රථ යතුරු පැදි සහ බරවාහන වෙනුවෙන් වෙන් කර තැබෙන අතර එම වාහන අනිවාර්යෙන්ම එම තීරුව තුළ ගමන් කළ යුතු වනවා.
