ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිම මසක් තුළ ආරම්භ නොකළහොත්, වගකිවයුත්තන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක පවසයි.
එමෙන්ම, එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගමක් වන ඉන්සී සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 14 වන දින වනාතවිල්ලුව කුරටියාමොහොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ අරමුණින් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා එහි තිබූ වනය කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.
එහිදි වැඩිදුරටත් ඇමතිවරයා පවසා සිටියේ, ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වි දණ්ඩ නිති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසිමට කටයුතු කලා සේ සලකා අදාල නීති ගෙන ඒමට බලාපොරෝත්තු වන බවයි. එමෙන්ම,මෙම වන විනාශය සිදුව ඇති ස්ථානය වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත් එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200කට ආසන්න භුමියේ කොටසක් බවයි. එය සිමෙන්ති සංස්ථාව විසින් සොයා බලා නැති බවත් ඒ හේතුවෙන් මෙම විනාශය සිදුව ඇති බව ඇමතිවරයා තරයේ පවසන්නට විය .
මෙහිදි මෙම ස්ථානයේ සිටි ඉහල පොලිස් නිලධාරින් විසින් මෙම ස්ථානයේ සිදුව ඇති වන විනාශය සුළු සිද්ධියක් ලෙස දක්වමින් ඇමතිවරයා නොමගහැරිමට ගන්නා උත්සහයද දැක ගත හැකි විය.
එහිදි ඇමතිවරයා පවසා සිටියේ සුළු උවත් විශාල උවත් මෙම සිද්ධිය බරපතල කරුණක් බවයි . එහිදි ඇමතිවරයා මාධ්‍යවේදින් පවසා සිටියේ මෙම ස්ථානයේ අක්කර 100 , 200 විනාශ වි ඇති බව පලවුවද එහි විනාශ කර ඇත්තේ අක්කර 29ක් පමණක් බවයි. තවද, මෙම සිද්ධියට සෙසු සිදුවිම් සේම ඒ සදහා සම්බන්ධ පිරිස් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක සමඟ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු .ඒ.සි වෙරගොඩ , වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම් .ජී.සී.සුරියබංඩාර ,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ , පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ,පුත්තලම පොලිස් අධිකාරි ජයමහ , වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, හා සිමෙන්ති සංස්ථා සභාපති ගාමිණි ඒකනායක හා සිමෙන්ති සංස්ථාවෙන් මේ වනවිට මෙම භුමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් හා තවත් නිලධාරින් රැසක් එම ස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්විය.
මේ සම්බන්ධයෙන්, වනාතවිල්ලුව පොලිස් ස්ථානයේදී සාකච්ඡාවක් පැවැත් වූ අතර ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක නිළධාරීන් සහභාගි වී තිබෙනවා. මෙම රැස්වීම ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් අතර ඔවුන්ට පොලිස් ස්ථානය තුළට පිවිසීම ද තහනම් කර තිබූ බව වාර්තා වේ.
1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත ආඥා පනතට අනුව මෙම භුමියේ අක්කර පන්දහසක පමණ ප්‍රමාණයක් ගැසට් පත්‍රයක් මගින් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට බදු දී ඇති පසුබිමක මෙම වන සංහාරය සිදුව තිබුණි. වන වැස්මට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතුව තිබුණද, එම සිමෙන්ති සමාගම ඒ පිළිබඳ අවධානය යොමු කර නොමැති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
