ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (14) දින පස්වරු 4.00 වන විට 3235ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, අද (14) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොරෝනා මරණය ලෙස බහරේන් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු වාර්තා විය. මොහු හදිසි අසනීප තත්ත්වයක් මත සැප්තැම්බර් 09 වන දින හලාවත මූලික රෝහලට ඇතුළත් කර පසු අද (14) දිනයේ දී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇති පුද්ගලයා 60 හැවිරිදි වියේ පසු වූ නාවිකයෙක් ලෙස සේවය කළ අයෙකි. අවසන් වරට මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වූයේ අගෝස්තු 23 වන දිනයේ දී ය.
එසේම, අද (14) දිනය තුළ දී තවත් ආසාදිතයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3005 දෙනෙකු සුවය ලබා ඇත.
සැප්තැම්බර් මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

ඒ අනුව, අද (14) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3234 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 48
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1273
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 650
- වෙනත් – 313
ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2996 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 217ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3235ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 92.9%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (14) දිනයේ දී එය 6.7%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 256,043ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (13) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2201ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (14) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 217 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 76ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 94ක් ද,
- ඉරණවිල රෝහලේ 41ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් රෝගින් තිදෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 56ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
