කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී සිදු වූ 13 වන මරණය වාර්තා වෙනවා.
බහරේනයේ සිට පැමිණි නාවිකයෙකු වන ඔහු 60 හැවිරිදි වියේ පසුවන අතර නිරෝධායනයට ලක් කර තිබිය දී ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සැප්තැම්බර් 13 දින හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ පුද්ගලයා අද (14) පෙරවරුවේ මියගොස් ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.
ඔහු මිය යාමට ආසන්නතම හේතුව හෘදයාබාධයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනය පහතින් දැක්වේ.

