Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිවුලපිටියේ බුදු මැදුරට අසූචි ගැසූ අයට දඬුවම් කරන්නැයි සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ (13) අලුයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් බුදුගල ජිනවංශ හිමියන් කියා සිටින්නේ මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමෙන් පසුව ද එවකට සිටි බලධාරින් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා පාස්කු ප්‍රහාරය වැනි දැඩි ප්‍රහාරයක් සිදු වුණු බවයි.

එබැවින් මෙවැනි කරුණු සුළු කොට තැකිය නොහැකි බැවින් වරදකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙස ජිනවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Giraya News Alerts

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

“බුදුපිළිමයට අසුචි ගැසිමෙන් ආණ්ඩුව හා ආරක්ෂක අංශ අපහසුතාවයට පත්කරන වරදකරුවන්ට දැඩි දඩුවම් දෙන්න

ගම්පහ දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසියම් සංවිධාන කල්ලියක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මගින් දැන ගන්නට ලැබේ. 2020.09.13 වන දින අලුයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැන ගන්නට ලැබි ඇතත්, මෙවැනි සිදුවීම් සුළුවෙන් බැහැර නොහැකිය.

බුදු පිළිමයකට අසුචි ප්‍රහාරයක් එල්ල කිරිම දැඩි පිළිකුල් සහගත ක්‍රියාවකි.මෙවැනි ක්‍රියා කරන අශෝබන, අවිචාරවත්. නින්දාසහගත මිනිසුන් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. 2018 දි අන්තවාදින් විසින් මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමෙන් පසුව ද එවකට සිටි බලධාරින් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා පාස්කු ප්‍රහාරය වැනි දැඩි ප්‍රහාරයක් සිදු වුණු බව අප දන්නා කරුණකි.

පසුගිය පාලන කාලයේදී සිදුවූ ඇතැම් මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය අවධි කරන්නට ජාතිකවාදීන් බව තමන්ව හඳුන්වාගත් විවිධ කුඩා කල්ලි කණ්ඩායම් බිහිවි තිබිණි. එසේම ඒ කුඩා සංවිධානවලට විශාල මාධ්‍ය ආවරණයක් ද එකළ ලැබිණි. එම සංවිධාන අදවන විට අද ගොළු බිහිරන් බවට පත්ව තිබිමද කණගාටුව කරුණකි. ගරු ජනාධිපති තුමණි 69 ලක්ෂයක් ඔබතුමාට දෙවරක් ම විශ්වාස කර ජන්දය ලබා දි ඇත. එම නිසාත් රටේ සේනාධිනායකයා වශයෙනුත් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියත්මක කර වැරදි කරුවන්ට දඩුවම් ලබා දිමට කටයුතු කරනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිමු.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top